මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයේ සුළු වෙනසක් කර නැවත නිකුත් කරනු ලැබීය.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව සන්ධානයෙන් නාම යෝජනා බලාපොරොත්තු වුවද එය ඉටු නොවීම නිසා ස්වාධීනව මොණරාගලින් ඡන්දයට ඉදිරිපත්වූ උදය කුමාර හිටපු මන්ත‍්‍රීවරයා මෙවර ලබා ඇති ඡුන්ද සංඛ්‍යාව 3781 කි.

ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ල ආසනයත් ඩිලාන් පෙරේරා මහතා නියෝජනය කරන හාලිඇල ආසනයත් එක්සත් ජාතික පක්ෂය ජයගැනීම විශේෂත්වයකි.

ඌව පළාත් සභා මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය  බරපතල පසුබෑමකට ලක්ව තිබේ.
 
බදුල්ල දිස්ත‍්‍රික්කයේදී එම පක්‍ෂයට හිමිව ඇත්තේ හය වන ස්ථානයයි.

පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ පෙළපාලි හෝ මැතිවරණ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි.

සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතා මද වේලාවකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මොණරාගල ජය සන්ධනයට!

Published in පුවත්
Sunday, 21 September 2014 08:00

මැතිවරණ කොට්ඨාස 03 කින් යුතු මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව එ.ජ.නි.ස ඡන්ද සංඛ්‍යාව140,850 ක් හිමිකරගෙන ඇති අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ  ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. 

ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. 

 

ld add copy

Connet With Us