ඌවේ ගොවි ජනතාව හිඟා කන තැනට පත් කලේ අලියයි බුලත් කොළයයි බව ජා.නි.පෙ. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ජපන් අගමැති ෂින්සෝ ඇබේ  අද උදෑසන 8.30 ට පමණ කැලණි රජමහා විහාරයට පැමිණ රත් පියුමින් බුදුන් පිදුෙව්ය. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද, කැලණිය විහාරවාසී දෙනියායේ පඤ්‍ඤාලෝක හිමියන් හා බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා ඇතුළු පිරිසක් ද හමුවිය.

මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව  යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.

වහාම ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය රුපිටල් 20කට ලබා ගත හැකි බව වයඹ පළාත් ප‍්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

යුද හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

මොණරාගල මදුරුකැටියේ දී ජනතා විමුක්ති පෙ‍රමුණේ ආධාරකරුවන් වූ සරසවි සිසුන් හතර දෙනෙකු අද (සැප්. 8) පෙරවරු 6.30 ට පමණ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි කණ්ඩායම් විසින් පහර දී එක් සිසුවෙකු පැහරගෙන, පහරදී තුවාල සිදු කොට මග දමා ගොස්  ඇතැයි 'කැෆේ' සංවිධානය පවසයි.  

 මාතර ඉසදීන් නගරයේදී වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් විසින් යුද හමුදා මේජර්වරයෙකුට සහ තවත් පුද්ගලයෙකුට පහරදී ඇත. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අදාළව චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සහ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි. 

 

ld add copy

Latest News

Connet With Us