එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය ඊයේ අවධාරණය කළේ ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් රට තවමත් අවදානමෙන් මිදී නොමැති බවත්, එම දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බවත්ය.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ‍තුළ ඊයේ සවස එහි ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක් ඇති වීමට සැබෑ හේතුව අනාවරණය වී ඇත. මෙය කලා උළෙලක් පදනම් කරගෙන ජවිපෙ සහ පෙර‍ටුගාමි ශිෂ්‍ය සංවිධානවල පිරිස් අතර ගැටුමක් ලෙස මාධ්‍ය වල හුවා දැක්වූවද සත්‍ය‍ සිද්ධිය වෙනකක් වේ.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසින් සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මේ දිනවල සිහින් දිය දහරක් බවට පත්ව ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් The Wire News නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පැවසීය. 

අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත්, වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ld add copy

Connet With Us