තමන් අමුමිරිස් පමණක් නොව සයනයිඞ් වුවද කන්න සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කියයි.
කොළඹ ජාත්‍යන්තර පාසලක පාසල් දරුවන්ට ගංජා බෙදාහරින පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියෙකු ගංජා ග්‍රෑම් තිස් පහක් සමගින් ඊයේ (12) දහවල් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
"මුලතිවු දිස්ත්‍රික්කයේ නැවත පදිංචි ධීවර ප්‍රජාව නගාසිටුවීම හා ජීවනෝපාය වැඩිදියුණු කිරීම" ව්‍යාපෘතිය සඳහා ජපන් රජය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 224380 එනම් රුපියල් මිලියන 30කට ආසන්න ආධාර මුදලක් (ජපන් යෙන් 21,764,860) ජපාන රාජ්‍ය නොවන සංවිධාන සහයෝගිතා ආධාර වැඩසටහන යටතේ ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.
කොළඹ 3D කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවොත් ඇස් දෙක ඉවරයි
කොළඹ නගරයේ ත්‍රිමාණ (ත්‍රී ඩී) සිනමා ශාලා දෙකක චිත්‍රපට නැරඹීමට පැමිණෙන අයට ලබාදෙන (3D) උපැස් යුවළවල් නිසි පරිදි විෂබීජ නාශනය නොකරන ලබාදෙන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසිය.
විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය මධ්‍යගත කිරීම සඳහා නිකුත් කර ඇති 11$2014 චක්‍ර ලේඛනයට අනුව විශ්‍රාම වැටුප් ගෙවීමේ දී විශ්‍රාමිකයන් තුන්දහසකට ආසන්න පිරිසකට සැප්තැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
කුරුණෑගල වැල්ලවදී පැහැර ගැනුණු තමාරා කේෂානි බණ්ඩාර දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලීසිය 12 වෙනිදා සවස සමත් විය. ඒ ඇය පැහැර ගැනීමෙන් දින තුනකට පසුවය. ඇගේ කොණ්ඩයද ඒ වන විට කපා තිබි ඇත. කොණ්ඩය කපා ඇත්තේද 12 වෙනිදා පෙරවරුවේදීය. එදා උදේ ඇයට කෑමට දී ඇත්තේ කිරිබත්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් දෙදෙනා අතර හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.
පසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පැවැසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා දැඩි ප්‍රහාරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රකාශය සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.