ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

රාජපක්ෂ රෙජීමය තමන් හම්බ කරගන්නවා මිස රටේ ඔවුන්ට වැඩ කළ තරුණයෙකුට පවා නිකම් රස්සාවක් නොදෙන බවත්, ඒවා මුදලට විකුණා සල්ලි ටික රෙජීමයේ සාක්කුවේ දාගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නවී පිල්ලේ මහත්මියගේ කමිටුවට විකල්ප කමිටුව රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය පවසයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වැඩවර්ජනයක් හේතුවෙන් රටපුරා රෝහල් බොහෝමයක දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇත.

මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ ගැටලුව සඳහා සහාය පල කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය රජරට සත්‍යග්‍රහයට සඳහා එක් වූ අතර ඉදිරි දින කිහිපය තුළ දී වයඹ, සෞන්දර්යය ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාකාරීන් එක් වීමට නියමිත බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා මහතා පැවසීය.

ජාතික පෝෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව රටේ පාසල් ළමුන්ගෙන් 32.00 %ක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ජනතාවක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් හෙළිවී ඇත.

මොණරාගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ජානක තිස්සකුට්ට්ආරච්ච් මහතාට අයත් වැල්ලවාය හඳපානාගල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ ප‍්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් අද (21)අලුයම 1.00 ට පමණ මැර ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා කොළඹදී පා ගමනකට එක්විය. මෙම පා ගමන සංවිධාන කර තිබුණේ කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us