සමහරු සුබ ආරංචියට බය වෙලා ,භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දුවනවා - මනුෂ කියයි
රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ.
පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන මස සිට
පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට උසස් වීමක්
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය මත Fitch ශ්‍රේණිගත කිරීම්, S&P Global Ratings (Standard & Poor's) සහ Moody's Investors Service වැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ වත්මන් ණය අත්හිටුවීම මත ස්ථානගත කර තිබෙන default grade Sovereign credit ශ්‍රේණියේ සිට අවම වශයෙන්, සැලකිය යුතු අවදානම් (Substantial Risks) ශ්‍රේණිගත කිරීමකට උසස් කිරීමට සැලසුම් කරනු ඇති බව වාර්ථා වෙයි. බොහෝ විට 'C' හෝ 'CC' තත්ත්වයේ උසස් වීමකි විය හැකිය.
2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටියි.