බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
සූර්යයා අද (28) සිට දිවයිනට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රනිල්ගේ ජනපති අපේක්ෂකත්වය අහෝසි කරන්න හැදු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා..
කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි.
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් ලබා දී තිබේ.
2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා සිටියි.