ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය මත Fitch ශ්‍රේණිගත කිරීම්, S&P Global Ratings (Standard & Poor's) සහ Moody's Investors Service වැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ වත්මන් ණය අත්හිටුවීම මත ස්ථානගත කර තිබෙන default grade Sovereign credit ශ්‍රේණියේ සිට අවම වශයෙන්, සැලකිය යුතු අවදානම් (Substantial Risks) ශ්‍රේණිගත කිරීමකට උසස් කිරීමට සැලසුම් කරනු ඇති බව වාර්ථා වෙයි. බොහෝ විට 'C' හෝ 'CC' තත්ත්වයේ උසස් වීමකි විය හැකිය.

2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

බොරතෙල් මිල පහළට

Published in පුවත්
Monday, 24 June 2024 12:13

 ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.

ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

 

ld add copy

Connet With Us