ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් "Creative Sri Lanka 2030" ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.

සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.

රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි.

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා  වාහන  පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.

 

ld add copy

Connet With Us