සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.
ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය අද(18) අවසන් වුණා. එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගන්නවා - ජනපති
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස වන අතර ඔහු කිසිම පක්ෂයකට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේය.
වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම සඳහා නීති සම්පාදනයට පියවර
දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.