ටයිපොයිඩ් නම් බැක්ටීරියාව මේ දිනවල පුද්ගලයන් අතර ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා භාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තාවේ.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවෙසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරිට කඩිනමින් නිවෙසක් සාදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව තිබේ.

 

ld add copy

Connet With Us