ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආර්ථික වර්ධනයක් - IMF
අභියෝගාත්මක හා අසීරු අවස්ථාවක පැවති ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟාසිටුවීමට ගෙන ගිය ප්‍රශංසනීය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හේතු කොටගෙන මේ වන විට වේගවත් උද්ධමනය අඩු වීම සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් ඉස්මතු කර ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසුවාය.
මෙරට ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි.
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරනවා - අගමැති කියයි
ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
නාය යෑම් අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කෙරේ - ගංගා පිටාර ගැලීමේ අවදානමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ.
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.
වෙළෙඳසල්වලින් නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මිළක් නියම වේයිද ?
වෙළෙඳසල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය කෙරෙහි ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා.
15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබේ.