විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද(28) රැස්වෙයි.

ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න  සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ ගැටුම් වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ”ගාසාහි ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දිවයින පුරා පාසල් සිසුන් රැසක් උෂ්ණාධික රෝගවලට ගොදුරු ව ඇතිබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ  ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ  මර්දනයට එරෙහිව අවිශිබම සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  බලාපොරොත්තු වන බව එහි කැඳවුම් කරු පවසයි.

‍වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us