අදත් පළාත් කිහිපයකට වැසි සහිතයි - සෙසු පළාත් වලට වැසි රහිතයි
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැබිනට් මණ්ඩලයේ අරුමය ප්‍රථම වරට පාසැල් දරුවන්ට පෙන්වයි
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් පැසසුමට ලක් වෙලා - ජනපති
රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන්න විශේෂ කමිටුව රැස්වේ
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
කාදිනල්තුමා පවරගත්තා යැයි චෝදනා එල්ල වූ ධීවර වරාය පාලනයට නව අධිකාරියක්
කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව පිටිපන ධීවර වරාය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව ධීවරයින් පිරිසක් අද අගරදගුරු මන්දිරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඇතිව තිබු නොසන්සුන් තාවය මත මෙම ධීවර වරාය, ප්‍රදේශයේ ධීවර ජනතාවට එයින් උපරිම ප්රතිලාභ ලැබෙන පරිදි යම් අධිකාරියකට පවරා දෙන බව කොළඹ අගරදගුරු පදවිය අද සහතික විය.
ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.
ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන තවත් පිරිසකට ගුවන් ටිකට්පත් නිකුත් කරයි
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.