කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (07) පස්වරු 2ට ආරම්භ කෙරුණි.

ලෝකයේම අවධානය යොමු වී ඇති චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

"ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබෙනවා.

මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.

ld add copy

Latest News

ට්‍රම්ප් ඉවත් වෙයි

ට්‍රම්ප් ඉවත් වෙයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ...

Connet With Us