පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක් - ඇතුළු වීමත් නොමිලේ
ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06වැනිදා සිට 10වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගරවල පැවැත්වීමට සංවිධාන කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ නිවැරදි දත්ත හා තොරතුරු නොමැතිව රාජ්‍ය සේවය සාධනීය ලෙස ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි බවයි.
“Clean Sri Lanka ” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.
හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල ඉහල ගොස් ඇති එලවළු මිල හේතුවෙන් කොස් දෙල් පොලොස් මිලද ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහන් කරනවා.
සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවසා සිටියි.
පසුගිය වසර තුළ රේගුවේ 40 කට වංචා - දූෂණ චෝදනා එල්ල වෙලා
ශ්‍රී ලංකා රේගුවේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් 40 කට පමණ මේ වන විට විනය පරීක්ෂණ සිදු කරමින් ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (04) පැවසීය.