76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

මාස 16ක් තුළ නෙළුම් කුළුන නැරඹීම සඳහා විදෙස් සංචාරකයින් 50,000කට අධික පිරිසක් පැමිණ ඇති බව නෙළුම් කුලුන පරිපාලන අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි.

රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර ඉලක්කය සපුරා ගත්තද අයවැය හිඟය පියවීමට සහ රටේ ණය බර අඩු කරගැනීමට බදු ආදායම වැඩි කළ යුතු බව භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිනොපැක් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අවලංගු කෙරුණු 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක අද පැවැත්වේ.

අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us