තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කරයි.

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වෙළෙඳ ආයතන විසින් බොහෝ විට පාරිභෝගිකයා වෙත පටවන වෙළඳ ගාස්තු පාරිභෝගිකයා විසින් නොදැරිය යුතු බව මහ බැංකුව අවධාරණය කර තිබේ.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

මාවනැල්ල නගරයේ වෙළෙඳසැල් පෙළක ඊයේ (29)රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us