TIN එක වෙනුවට NIC එක

Published in පුවත්
Wednesday, 24 January 2024 15:40

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) බවට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මිලියන 15ක් පමණ වූ අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, මේ තුළින් රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් රට තුළ නිර්මාණය වන බව ද පැවසීය.

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

විද්‍යාත්මක පෙරළියක් ලෙස පොල් මලේ විවෘත නොකළ ගැහැනු මලෙහි පටක යොදා ගනිමින් පොල් පැළයක් සංවර්ධනය කිරීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය (CRI) විසින් සිදු කරන ලද පර්යේෂණය සාර්ථක වී තිබේ.

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us