වෛද්‍යවරුන් දුන් රු35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. 

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සදහන් කරයි.

ජනවාරි මාසයේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් නිවේදනය කරයි.

සමුද්‍ර සංරක්ෂණයේ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස දිවයිනේ වෙරළ තීරය, තිරසාර වෙරළ තීරයක් ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන නිල් කොඩි සහතිකය (Blue Flag Certificat) ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

 

ld add copy

Latest News

Connet With Us