X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පළමු දින 15 තුළ සංචාරකයින් 100,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ,

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත බාරදෙනු ලැබිණි .

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරයි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us