බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරයි.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය.

ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ම දැනුම්දීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව සඳහන් කළේය.

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ඊයේ 11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසා තිබේ.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us