"වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්" සැකසීමට රජය තීරණය කර තිබේ.
වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනමට ලක් වෙයිද?
වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධුරයට
ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරමින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්ධය ලෙස විවේචනය කළ පුද්ගලයෙකුට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකාර ධූරය ලබාදීමට යාම පිළිබඳව දැඩි සේවක විරෝධතාවයක් මතු වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සදහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.
රටට ආයෝජකයින් ගේන්න රජය කටයුතු කරද්දී ජනතාව තුළ වැරදි පතුරන විපක්ෂය ගැන පිළිකුලයි - ප්‍රසන්න
ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ ලංවිම මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්න
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අද (22) දින මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.