අද කොහොමද

Published in පුවත්
Tuesday, 15 October 2024 09:56

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්‌ වන දැනට ප්‍රසිද්ධ නොකල එස්‌ අයි ඉමාම්‌ වාර්තාව සහ ඒ එන්‌ ජේ ද අල්විස්‌ වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක්‌ ලබාදෙන බවත්‌ එසේ නොමැති නම්‌ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (14)කොළඹ පවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍ක සිරදඬුවම් නියම කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැවරීම පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ මහ මැතිවරණය අවසන් වනතුරු රජය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.

Page 6 of 1645

 

ld add copy

Latest News

Connet With Us