විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසයි.
යොවුන් සේනාංකය නංවන්න ස්විස්ටර්ලන්තයේ හොටෙල් ඇකඩමියේ සහය
ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.
අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ගෝඨාභයගේ කාමරයේ තිබු මුදල් සම්බන්ධ විමර්ශන අහෝසි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
Havelock City සුපිරි සාප්පු සංකීර්ණය අද විවෘතවේ !
ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද දිනයේ දී විවෘත වීමට නියමිතයි.