ස්පුට්නික් V එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ මෙරටට !
ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇත.
-පංචාලි අබේසේකර
කොවිඩ් එන්නත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබා නොදෙන්නේ නම් ඔවුන් සේවා කටයුතුවලින් ඉවත් කර ගැනීමට සිදු වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් සදහන් කර තිබේ.
මතට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කිරීමට පියවර !
මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා.
දුම්රිය ධාවන කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයි !
සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේනවා .
මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙරට හරිත සමාජ ආර්ථිකයක් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ .
කළුතර දිස්ත්‍රික්කයේ මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
රටවල් කිහිපයක් ශ්‍රිලංකාවේ සිට පැමිණෙන්නන්ට දොරටු වසයි!
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා.