රනිල්ගේ 113 බහුතරයේ දිවුරුම් ප්‍රකාශ ජනපති අතට ! ජනපති සිරිසේන- අගමැති රනිල් හමුව හෙට.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ජනාධිපතිවරයාට බාර දීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද රාත්‍රියේම එම දිවුරුම් පෙත්සම් ජනාධිපතිවරයා අතටම පත් කිරීමට නියමිතය.
කතානායක ලිපියට ජනපති සංශෝධනයක් ඉල්ලයි. ලැජ්ජයිලු...විශ්වාසභංග යෝජනාව පිළිගනියි !
අද පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව එය කතානායකවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන ලද ලිපියට සංශෝධනයක් කරන ලෙස ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත.
නීති විරෝධී ආණ්ඩුවක නියෝග ක්‍රියාත්මක කළොත් රාජ්‍ය නිළධාරීන්ට දඬුවම්.
ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පත් කළ ආණ්ඩුවේ වලංගු භාවය අද දින (14) පාර්ලිමේන්තුව හමුවේ නීත්‍යානුකූලව අහෝසි කිරීමත් සමඟ හොර අගමැති මහින්ද රාජපක්ෂගෙ හා එම හොර ඇමැති මණ්ඩලයේ නියොග වලට යටත්ව ක්‍රියාකරන සියළුම රාජ්‍ය පරිපාලන නිළධාරීන් හ සේවකයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කෙරෙන බව එජාප ජේෂ්ඨ ඇමැතිවරයකු පැවැසීය.
තමන්ගේ හිතේ අගමැති සිහින නැති බවත් මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව, නිදහස්ව, සාමකාමීව ජීවත් වෙන රටක් පමණක් තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා
මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එය කඩාකප්පල් වන ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවට ගොඨා පාර්ශ්වය චෝදනා කරමින් සිටින බව එම කල්ලියේ ආරංචි මාර්ග පවසයි.
තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්
පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පොරොන්දු වූවද එසේ නොකිරීමට අසමත් වීම ගැන අද දින උදෑසන මහින්ද රාජපක්ෂ , ජනාධිපතිවරයාගේ මූණටම දැඩිව දොස් පැවැරූ බව ජනාධිපති කර්යාල ආරංචි මාර්ග පවසයි.
ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා තමා දැරු දේශපාලන ස්ථාවරය වෙනස් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඊයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමද විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත.
සිරිසේන චූ රෙදි පිටින් හොර ඇමැති මණ්ඩලය රැස්කරයි.
අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා බයෙන් බිරාන්ත වී සිටින ජනාධිපති සිරිසේන හදිස්සියේම හොර ඇමැති මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා ඇත.