ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙයි.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි.

සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.

අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ld add copy

Latest News

Connet With Us