නව පාර්ලිමේන්තුවේ ජවිපෙට, දෙමළ සන්ධානයට තීරණාත්මක වගකීම් !
එළැඹෙන මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක භූමිකා දෙකක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නිරූපණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීමට පසු ගිය රජයට කිසිදු වුවමනාවක් නොතිබූ බවත් වර්තමාන රජයේ දින සියයේ වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක් ආපසු ගෙවීමට හැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ඔහු මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්ඩයට තැන්පත් මුදලින් කොටසක් ගෙවීම සඳහා ඊයේ (24 ) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයේදීය.
අලූත්ම බුද්ධි අංශ වාර්තාව මෙන්න ! දිස්ත්‍රික්ක unp 10, upfa 9, tna 3
ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.
වීරකුමාරගේ පෝස්ටර් රැගත් කැබ් රථය යුධ හමුදාවට අයිති එකක් නොවේ (යු.හ නිවේදනය)-update
අද (24) උදෑසන අත්අඩංගුවට ගැණුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායක මහතාගේ පෝස්ටර් තොගයක් රැගත් කැබ්රථය යුධ හමුදාවට අයත් වාහනයක් නොවන බවත් එම රථය තුළ යුද්ධ හමුදාවට අයත් සාමාජිකයින් කිසිවෙක් ගමන් නොකළ බවත් යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර අැත.
විමල්, දිනේෂ් ,වාසුදේව සහ ගම්මන්පිලගේ ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා ඔවුන් මහින්ද රාජපක්ෂව පාවිච්චි කරමින් සිටින බව රෝසි සේනානායක මහත්මිය පවසයි. අැය මේ බව පැවසුවේ ඊයේ එළිදැක්වූ එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍යය හමුවට අද(24) එක්වෙමිනි.
ඉදිරි සතියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන මැතිවරණ ව්‍යාපාරයට අලුත් සටන් පාඨයක් එක් වීමට නියමිත බව වාර්තාවේ. අපේ මනාපය ගමේ එකාට පමණයි, යනුවෙන් මෙම ව්‍යාපාරය සිදු කෙරෙනු ඇති බව එම දිස්ත්‍රීක්කයේ සන්ධාන අපේක්ෂකයකු අප වෙත පැවැසීය.
පසුගියදා ඡන්ද රැස්වීමකදී මහින්ද රාජපක්ෂ හොරා යන්න විග්රහ කර තිබිණ. ඒ අනුව සිවුරු හොරා නම් කුරුල්ලාට ඒ නම ලැබී ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. සුදු රෙදි හොරාට ඒ නම ලැබි ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. මේ විග්‍රහය දිගට කරගෙන යන මහින්ද රාජපක්ෂ තමන්ට හොරා හොරා හොරා කියන අපවාදයෙන් ගැලවෙන අලුත් සූත්‍රය ඉදිරිපත් කරමින් කතාව පටන් ගත්තේ එසේය.