මත්කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නැමැත්තිය බොරැල්ල ප්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා පොලීසියට අවසර දී තිබේ.
කර්තෘ මාලින්ද සෙනෙවිරත්න ඉල්ලා අස්වේ. The Nation වසා දමයි.
රිවිර මීඩියා කෝපරේෂන් විසින් පවත්වාගෙන යනු ලබන ද නේෂන් (The Nation) පුවත්පත අද (21) සිට වසා දැමීමට තීරණය කර ඇත. අද දින එම පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනෙවිරත්න මහතාට එම පාලන අධිකාරිය මේ බව දැනුම් දි තිබේ. කෙසේ නමුත් මාලින්ද සෙනෙවිරත්න මහතා පසුගිය ජුනි මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී තිබුණු බවද වාර්තාවේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිටුපස සිටින දැවැන්තයා කවුද යන්න පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බව රහස් පොලිසිය කියයි.
මහින්ද පත්කළ පරණගම කොමිෂන් වාර්තාවෙත් තියෙන්නේ එක්සත් ජාතීන්ගේ නිර්දේශමයි. විදේශ විනිසුරුවරුන් යෝජනා කළෙත් මහින්දමයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සහ උදලාගම හා පරණගම කොමිෂන් වාර්තා අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.
ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් හා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මුතුරාජවෙල අභයභූමියේ අක්කර 150ක් බිලිගනිමින් ඉකුත් ආණ්ඩු සමයේ ඉදිකිරීමට උත්සාහදැරුණු, පරිසර සංරක්ෂනවේදීන්ගේ මැදිහත්වීමෙන් හකුලා ගැනුණු බෝපිටිය සුඛෝපභෝගී නගර සංවර්ධන ව්‍යාපෘතිය යලිත් ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම නිසා ඉතා බරපතල සමාජාර්ථික හා පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ අවධානමක් පැනනැගී ඇත.
දැදුරු ඔය විනාශය ආරක්ෂක හමුදාවත් සනාත කරයි. ඒත් ජනපති නිහඬයි
'ජිෆී' කොහු බත් ආශ්රිත කර්මාන්තායතනය නිසා දැදුරු ඔය විනාශ වෙමින් පවතින බව '01 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව' විසින් සිදු කරනු ලැබු පරික්ෂාවකදී සනාත වී තිබේ. දැදුරු ඔය ආශ්රිත පරිසර ක්‍රියාකාරකමක් සඳහා පසුගියදා එම ප්‍රදේශයට ගිය විට දැදුරු ඔය විනාශ වී ඇති අයුරු එම නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇත.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා 'යහපාලන ආණ්ඩුවේ' කැබිනට් ඇමතිවරයෙකු බව අමතක වී මයික්රෆෝනයක් දුටු තැන විහිළු කතා කියමින් 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙකු වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.