මෙරට කළු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

යුවතියකට සිදුවුණ හද සංවේදී කරවන පුවතක් පිළිබඳව තොරතුරු බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා යෙදවූ පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයන්ට මැතිවරණ රාජකාරී සඳහා ලබාදෙන නවාතැන් හා ගමන් වියදම් සහිත සංයුක්ත දීමනා(බටා) වෙනුවෙන් මැතිවරණ කොමිසම ලබා දුන් මුදල් මෙතෙක් ගෙවා නැතැයි පොලිස් නිලධාරීහු මැසිවිලි නගති.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද කොහොමද

Published in පුවත්
Tuesday, 15 October 2024 09:56

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.

ld add copy

Connet With Us