ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ආරකෂාව පිළිබඳව තවදුරටත් නිසි අවධානය යොමුවිය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

2030 වසර වන විට රටෙහි පුනර්ජනනීය බලශක්තිය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වෙමින් මෙගාවොට් 20ක සූර්ය බල ශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා, ශ්‍රිලංකා වරාය අධිකාරියට අයත්  ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 43 ක ඉඩම්ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.

දික්කසාද නීතිය ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ (no fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන්   තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන්  නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

 

ld add copy

Latest News

ගම්පහ ජනතාවට ජල සැපයුම ගැන දැනුම්දීමක්

ගම්පහ ජනතාවට ජල සැපයුම ගැන දැනුම්දීමක්

ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන...

Connet With Us