දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මරණ දඬුවම නියම කර, යාපනය අර්ධද්වීපය පුරා පඹයින් එල්ලා ඇත. වඩමාරච්චි, තෙන්මාරච්චි සහ යාපනය නගරය යනාදී ප්‍රදේශයන්හි 03 දින රාත්‍රී මෙලෙස පඹයින් එල්ලා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

මුහුදු කොටි නායිකාවක අත් අඩංගුවට ගත්තා යනුවෙන් රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ පුවතේ සඳහන් පරිදි ඇය මෙරට සැඟවී සිටි මුහුදු කොටි නායිකාවක් බව හැඟ වුවත් එය සත්‍යයක් නොවන බව හෙළිවේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම එකවර සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන් බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට භාර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පැවැත්වීමට නියමිතය.

යාපනයේ, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය ශක්තිමත් බැවින් මෙරට ලබා ගෙන ඇති අධික පොලියකින් යුතු ණය යළි ගෙවීම සඳහා ශ‍්‍රී ලංකා රජය අපේක්ෂා කළ ඩොලර් බිලියන හතරක ණය මුදලේ ඇප ඉවත් කිරීම ප‍්‍රතික්ෂේප වී ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පාවෙන අවි ගබඩාව සම්බන්ධව 2015 ජනවාරි 18 දා සිට ඇති ව තිබූ ආන්දෝලනාත්මක අර්බුදය අවසන් කරමින් එකී මෙහෙයුම නිත්‍යානුකූලව සිදුවුවක්‌ යෑයි රජය පිළිගෙන ඇත.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us