හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා නොකර අපට අනාගතයක්‌ නැති බවත් කුමන දේ නැතිවුණත් තමන් මේ ව්‍යායාමය අත්නොහරින බවත් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ සාමාජිකයන්ට පසුගිය රජයේ විදේශ අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව විභාගයක්‌ කිරීමට විදේශ ඇමැත මංගල සමරවීර මහතාට නියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400කින් රුපියල් කෝටි 100ක මුදලක් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදෙමින් "වයි-ෆයි කලාප" 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.

තමන් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු 'හිරු ටී.වී' වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් 'සිරස ටී.වී' ආයතනය දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බවට අප විසින් 'පරිසර අධිකාරිය, රණතුංගලාට අත්වැල්තොට ඇල්ල වසා දමන්න අවසර දෙයි' සිරස්තලය යටතේ පළ කළ පුවත අසත්‍ය බව ධම්මික රණතුංග මහතා අප වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට අද(04) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

යහපාලනය උදෙසා වන යාන්ත‍්‍රණය රට තුළ ශක්තිමත් කරගැනීමට දුන් පොරොන්දු ඉටුකිරීමට නියමිතවේලාවට මැතිවරණයක් පැවැත්වීම වැදගත්ම හා අත්‍යවශ්‍ය පියවරක් වන බවත් එසේ නොවුනහොත් පාරට බැසීමට සූදානම් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද(04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us