ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විදේශිය මාධ්‍යවේදින් පිරිසක් හමුවිය.

සේවාදායකයන් සියල්ලන්ගේම කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරදීම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව මෝටර් රථ කොමසාරිස් එච්.එස්.හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.එවිට සේවාදායකයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නොපැමිණම සිය කටයුතු ඉටු කරගත හැකි බව ඔහු පැවසුවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා උත්සාහ ගනිමින් සිටින්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එහි විපක්ෂ නායක ධුරය ලබා ගැනීම බව එම පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

අඟහරුවාදා මව්බිම පුවත්පත සමග නිකුත් කෙරෙන 'යං' අතිරේකයේ කර්තෘ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත. ඊට හේතුවී ඇත්තේ 'යං' අතිරේකයේ කර්තෘ ලෙස කටයුතු කළ සංජක ප්‍රසාද් දොලේවත්ත මහතා මව්බිම පාලනාධිකාරිය විසින් එම තනතුරින් ඉවත් කිරීමයි.

අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගලදී ජනමාධ්‍ය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකට එරෙහිව වයඹ පළාත් සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධතාවක නිරතව සටිති.

ජාත්‍යන්තර මුහුදේ ශ්‍රී ලංකාවේ ධජය යටතේ ධීවර කටයුතු කිරීමට අවසර දුන් චීන ධීවර සමාගම් අටක(08) බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ධීවර කටයුතු ඇමති ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසා සිටි. ඇමතිවරයා පවසන පරිදි මෙම බලපත්‍ර අවලංගු කිරීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පාර්ශ්ව දෙක අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ කොන්දේසි එම චීන ධීවර සමාගම් විසින් උල්ලංඝනය කිරීමයි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us