ක්‍රිකට් නම් අරුමැසි බව ජයගත්ත එකට සතුටුයි.....

Published in ක්‍රීඩා
Monday, 20 November 2023 09:54

ඉන්දියාවේදි ඉන්දියන් ප්‍රේක්ෂකයින් ඉස්සරහා වෙනත් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් උස්සනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. ඒක ඊයේ ඉන්දියන් භූමියේදීම ඔස්ට්‍රේලියාව කළා. ඔවුන්ට සුබපැතුම්!

කමින්ස් කලින්දා ප්‍රෙස් එකේ කිව්වේ ඔවුන්ගේ ආශාව මිළියන ගණනක් ඉන්දියන් ප්‍රේක්ෂකයින් 'නිහඬ කරන' එක කියල. එහෙම නිහඬ කිරීමේ අභියෝගය සුන්දර එකක් කියල. ඊයේ තරඟයේ මුල ඉඳල ඔවුන් කරන්න ගත්තේ ඒක. ඒ කියන්නේ ඉන්දියාව තුෂ්නිම්භූත කරන එක. ඔය ''නිහඬ බව'' (silence) කියන එකේ තියනවා පොඩි ක්‍රිස්තියානි ආවේශයක්. 

ගෝෂාකාරී ඉන්දියාව නිහඬ කළා කියන්නේ දේවල් තවදුරටත් ඔවුන්ගේ පාලනයේ නැහැ කියන එකට සංකේතයක්. ඒක තමයි ඔසියන්ගේ ජයග්‍රහණයේ පළමු පියවර. ඒක ශිෂ්ටාචාර අභියෝගයක්. ඒ අනුව ඔසියෝ අභියෝග කළේ ඉන්දියන් ක්‍රිකට්වලට නෙවෙයි. ඉන්දියන් ශිෂ්ටාචාරයට. අනන්‍යතාවට. දැන් ඔයාලට තේරෙන්න ඕනි අගමැති මෝදිගේ වේදනාව.

ඇත්තටම වෙනත් විදියකට ආයෙත් ප්‍රාදූර්භූත වුණේ සුදු ස්වාමියා සහ යටත්විජිත ස්වාමි මානසිකත්වය. ඔය නිශ්ශබ්ද කතාවෙන් තමයි ඔසියෝ එයාලගේ ''මානසික ගේම් එක'' පටන්ගත්තේ. ඒක ගැඹුරු දේශපාලනයක්. 

තරඟ ආරම්භයේ ඔසීල හිටියේ එච්චර කැපීපෙනෙන තැනක නොවුනත් ඔවුන් තරඟ මාලාවේ අතරමඟදී තරඟාවලියට ඇත්තටම මුහුණදෙන්න ගත්ත. ඒකෙ එක හැරවුම් ලක්ෂයක් තමයි ඇෆ්ගනිස්ථානය එක්ක තිබ්බ මැච් එක. ඒ මැච් එකේ මැක්ස්වෙල් ක්‍රීඩාකරපු ඉණිම ඇතුලේ ඔවුන් ඔප්පුකළා මේ තරඟාවලියේ ඔවුන්ටත් ඕනෑම දෙයක් සිද්ද කළ හැකියි යන්න. ඒ නිසා ඊයේ ෆයිනල් එකේ ඔසීලගේ විකට් තුනක් අඩුවට වැටෙද්දී දිගින් දිගට කැමරා කෘ එක පෙන්නන්න ගත්තේ මැක්ස්වෙල්ව.

ඒ මැච් එකෙන් තමයි ඔවුන් මානසික ආධිපත්‍යය පතුරුවන්න ගත්තේ. ඒ එක්කම ඔවුන් ගහනවා දකුණු අප්‍රිකාවට.

ඊයේ මැච් එක කැරකෙන්න හේතු උණේ ඔවුන්ගේ ප්‍රවේශම් පන්දුයැවීම. ඒ වගේම විශිෂ්ට පන්දුරැකීම. ඒ සියල්ල සමඟ ට්‍රැවිස් සහ ලබශේන්ගේ අනර්ඝ සම්බන්දතාව. ඒ හැමපාරම ඔවුන් ඉන්දියාව නිහඬ කළා...

වැඩිය සද්දයක් තිබ්බේ නැති ට්‍රැවිස් හෙඩ් සෙන්චරියක් දැම්ම. ඒ තමයි ලෝක කුසලානයක අවසන් තරඟයක හඹායෑමකදී ගත්ත දෙවැනි ඒ වර්ගයේ ශතකය. අනික තියෙන්නේ ශ්‍රේෂ්ට අරවින්ද ද සිල්වාගේ නමට.

පිටපතකට අනුව සකස්කරලා තිබ්බ (scripted) මේ කුසලානේ ජයග්‍රහණය සැමරීම ඒ පිටපතින් ගලවලා අරගෙන තමන්ගේ පිටපතකට අනුව (පිටපතක් නැතුව) ඔසියෝ අරන්ගියා. මෝදි හරියට ෆොටෝ එකකටවත් ඉන්නේ නැතුව පරලවෙලා පිටවෙලා ගියා. ඒකත් පිටපතක් වෙන්න පුළුවන්. හැබැයි බටහිරයෝ හැදුව ක්‍රිකට් කියන්නේ ගොඩක් වෙලාවට පිටපතකට අනුව රඟදක්වන්න බැරි හරි අපූරු ක්‍රීඩාවක්. පුරෝකථනය කරන්න බැරි එක්තරා මැජික් ගතියක් ඒකෙ තියනවා. ඒකම තමයි ක්‍රිකට්වල ලස්සන. අරුමැසි බව.

මම කැමතිම ඒ පිටපතකට අනුව ගහන්න පුළුවන් කියල හිතපු ක්‍රිකට් පරාජය උණාට. ඇත්තටම දිනුවේ ඔසියෝ නෙවෙයි. ක්‍රිකට්වල අනුහස් සහගත බව. පුදුම සහගත බව. ඕනෑම දෙයක් සිද්ද වෙන්න පුළුවන් බව. බටහිර බව.

ඒ නිසා සතුටුයි....❤

  • Mahesh Hapugoda
Last modified on Monday, 20 November 2023 10:56

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us