ශ්‍රී ලංකාවට අලුත් පාපන්දු සංස්කෘතියක්

Published in ක්‍රීඩා
Friday, 22 March 2024 09:27

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහයෝගීතාව මැද කොළඹ තුරඟ තරග පිටියේදී අද ආරම්භවන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අලුත් පාපන්දු සංස්කෘතියක ආරම්භයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පවසයි.

මධ්‍යම අමෙරිකාව, පැපුවා නිව්ගිනියා, භූතානය හා ශ්‍රී ලංකාව මේ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට එක්ව සිටින හෙයින් විශාල ආකර්ෂණයක් තිබෙන බව ශ්‍රී ලංකා පාපන්දු නායකයාගේ විශ්වාසයවී තිබේ. අද පස්වරු 3ට මධ්‍යම අමෙරිකාව හා භූතානය අතර තරගයත්, රාත්‍රී 8.45ට ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියා අතර තරගයත් පැවැත්වීමට නියමිතය. මේ 25 වැනිදා පස්වරු 3ට මධ්‍යම අමෙරිකාව හා පැපුවා නිව්ගිනියා තරගය පැවැත්වෙන අතර, එදින රාත්‍රී 8. 45ට ශ්‍රී ලංකාව හා භූතානය අතර තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා ද සහභාගී වූ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹ තරු පහේ හෝටලයකදී පැවති අතර, ශ්‍රී ලංකා පාපන්දු සංචිතයට ද්විත්ව පුරවැසි පාපන්දු ක්‍රීඩකයන් 14ක් එක්ව සිටින බව නායක සුජාන් පෙරේරා පැවසීය.

ජර්මනියෙන් ද්විත්ව පුරවැසි ක්‍රීඩකයන් 5ක්, ඔස්ට්‍රේලියාවෙන් 2ක්, එංගලන්තයෙන් 2ක්, ස්විට්සර්ලන්තයෙන් 2ක්, ප්‍රංශය, නෝවේ හා මෝල්ටා යන රටවලින් ක්‍රීඩකයෙක් බැගින් කණ්ඩායමට එක්ව සිටිති. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර් ක්‍රීඩා සමාජවලින් බිහිවන ක්‍රීඩකයන්ට ජාතික පිල නියෝජනය කිරීමේ අවස්ථා අල්පවී ඇත. එහෙත් වඩාත් ශක්තිමත් කණ්ඩායමක් සහභාගි කොට අන්තර් ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ගෙන ඒම ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ අපේක්ෂාවවී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් මේ ද්විත්ව පුරවැසි ක්‍රීඩකයන්ට විශාල මුදලක් වැයකොට ගෙන්වාගෙන තිබීම විශේෂත්වයකි.

“පසුගිය කාලයේ පාපන්දු තහනමක් තිබූ නිසා අපට ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. කලකට පසු සහභාගිවන තරගාවලියක් නිසා පාපන්දු ලෝකයේ අපි ඉන්නේ කොතැනද කියා දැන ගන්න මේ තරගාවලිය හොද අවස්ථාවක්. අපි සති 6ක කාලයක් පුහුණු වුණා. අලුත් මුහුණු තියෙන අලුත් ටීම් එකක් නිසා හොඳ දෙයක් අපේක්ෂා කළ හැකියි” සුජාන් පෙරේරා පැවසීය.

2011 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 43කට සහභාවී සිටින සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි.

2011 සිට 2015 දක්වා කළුතර පාක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර 2015 වසරේ සිට මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නිරත විය. 2020 දී ඔහු අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම සමඟ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ තරගාවලියට ක්‍රීඩා කළේය.

මේ තරගාවලියට එක්ව සිටින මධ්‍යම අමෙරිකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 129 වැනි ස්ථානයේ සිටින අතර, පැපුවා නිව්ගිනියා පිල 165 වැනි ස්ථානයේ, භූතානය 184 වැනි ස්ථානයේ හා සත්කාරක ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ පසුවේ.

- දිනමිණ 

Last modified on Friday, 22 March 2024 09:46

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us