ශ්‍රී ලංකාව අවසන් තරගයත් දිනයි

Published in ක්‍රීඩා
Tuesday, 09 September 2014 10:10

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ 'ඒ' කාණ්‌ඩය යටතේ තරගවැදුණු සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ මූලික වටය යටතේ සිය අවසන් තරගයේදී කසකස්‌තානයද පරාජයට පත්කළ අතර ඒ අනුව ආසියානු මට්‌ටමේ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව කාණ්‌ඩ ශූරයන් ලෙසින් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව ලෙසින් එය ඉතිහාසයට එක්‌විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තාන කණ්ඩායම වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළේය. තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ 25-15, 25-16 ක් හා 25-20ක් ලෙසිනි.


ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පිළිවෙලින් සවුදි අරාබිය, ඔස්‌ටේ්‍රලියාව සහ කසකස්‌තානය පරාජයට පත්කළ අතර මෙම ජයග්‍රහණ ත්‍රිත්වයේදී අවම වශයෙන් ශ්‍රී ලංකාව එක්‌ තරග වටයක්‌ හෝ පරාජයට පත්නොවී හෙවත් අදාළ සෑම තරගයක්‌ම තරග වට 3/0 වශයෙන් ජය ගැනීමද කැපී පෙනෙන්නකි.

මෙම ජයග්‍රහණ සමගින් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්‌ඩායම කාණ්‌ඩ 2ක්‌ යටතේ තරග පැවැත්වෙන අදාළ සුපිරි 8 දෙනාගේ වටය යටතේ 'සී' කාණ්‌ඩයේ ශූරයන් සහ අනුශූරයන් අයත් කාණ්‌ඩයෙන් තරග වැදීමට යෙදී තිබේ. 


ඒ අනුව අද පස්‌වරු 2ට 'සී' කාණ්‌ඩයේ අනුශූරයන් වන චීනය සමගින්ද හෙට පස්‌වරු 2 ට 'සී' කාණ්‌ඩයේ ශූරයන් වන චීන තායිපේ සමගින්ද තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් කව්රුන්ද යන්න තීරණය වන්නේ මෙම 'ඊ' කාණ්‌ඩයේ තරගවල ප්‍රතිඵල අනුවය.

ඊයේ වන විට තරගාවලියේ සුපිරි 8 දෙනාගේ කාණ්‌ඩයට අයත් කණ්‌ඩායම් තීරණය වී අවසන් වූ අතර ඒ අනුව zඒ Z කාණ්‌ඩයෙන් ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාවත්, 'බී' කාණ්‌ඩයෙන් ඉරානය සහ ඉන්දියාවත්, 'සී' කාණ්‌ඩයෙන් චීනය සහ චීන තායිපේත්, 'ඩී' කාණ්‌ඩයෙන් ජපානය සහ කොරියාවත් එයට සුදුසුකම් ලබා සිටිති.

ශෙහාන් ලක්‍ෂිතගේ නායකත්වයෙන් යුත් සහ ප්‍රධාන පුහුණුකරු ලෙසින් චාල්ස්‌ තිලකරත්නත්, සහය පුහුණුකරු ලෙසින් චමින්ද කුමාරත්, අභ්‍යාසක ලෙසින් සුසිරි මංගලත් ක්‍රියාකරන ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගාවලියේදී ඉතිහාසයේ පළමු වරට කසකස්‌තානය සහ ඔස්‌ටේ්‍රලියාව යන කණ්‌ඩායම් තරගවට 3/0ක්‌ ලෙසින් පරාජය කිරීමටත්, කටාර් ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්‌කම්ලාභී රට වන සවුදි අරාබිය පැරදවීමටත් සමත් වූ අතර ආසියානු මට්‌ටමේ ගෘහස්‌ථ වොලිබෝල් කාන්තා සහ පිරිමි තරග අංශ දෙකෙන්ම මෙන්ම, යොවුන්, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන සෑම අංශයකින්ම පළමු වටයේ මෙතෙක්‌ සාර්ථකම ශ්‍රී ලංකා කණ්‌ඩායම ලෙසින්ද ඉතිහාසයට එක්‌වනු ඇත.

(ඡායා-නිශාන් එස්‌ ප්‍රියන්ත) 

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us