ක්‍රිකට් කිරුළ කාටද ?

Published in ක්‍රීඩා
Wednesday, 14 January 2015 13:16
අදින් හරියටම මාසයකට පසුව එනම් ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වනදා කණ්ඩායම් 14ක් එකම කිරුළක් උදෙසා තරඟ වදින පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය කේන්ද්‍ර කරගෙන  ඇරඹෙයි. දෙරටේ ක්‍රීඩාංගන 14කදි මෙවර ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. වසර 200 කට වඩා ඉතිහාසයක් ඇති ක්‍රිකට් ඉතිහාසයේ 11 වන සීමිත ඕවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මේ වන විට සියල්ල සුදානම්ව ඇති බව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග ඔස්සේ සනාථ කරයි. මේ වන විට ලොව පුරා ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් තරඟාවලි කිහිපයකම ක්‍රීඩාකරමින් මනා පෙරහුරුවක් ලෝක කුසලානට පෙර ලබා ගනිමින් සිටි. 
 
මේ වන විට මේවා තරඟාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම් 14ම ලෝක කුසලානය සංචිතය නම් කර අවසන් වී ඇත. ඒ අතරින් ලෝක කුසලානය දිනා ගනු යැයි විචාරකයන් හා ප්‍රේක්ෂකයින් අනුමාන කරන ප්‍රධාන කණ්ඩායම් 8 සිය සංචිතයන් නම් කරමින් සිය කණ්ඩායම ලෝක කුසලානය සඳහා ඉදිරිපත් කර ඇත. මේ එම සංචිතයන් පිලිබඳ කල පසු විපරමක්.
 
 පසුගිය ලෝක ශුරයින් වූ ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ සුපුරුදු පරිදි මහේන්ද්‍ර සිං දෝනි හටය. නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අන්තර්ගත කර ඇති මෙම කණ්ඩායමේ පසුගිය ලෝක කුසලානයේ තරඟාවලියේ විරය වූ යුවරාජ් සිං හට සිය ස්ථානය අහිමි වී ඇත. 1996 ලෝක ශුරයින් මෙන්ම 2011 වසරේ පැවතී ලෝක කුසලාන තරඟාවලියේ  අනුශුරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර සංචිතයද ජනවාරි 7 වනදා එලි දැක්විය. එහි නායකත්වය සුපුරුදු ලෙස ඇන්ජලෝ මැතිවුස් හට හිමි ඇති අතර ලෝක කුසලාන කෝඩු කාරයින් කිහිප දෙනෙකුම කණ්ඩායමට කැඳවා ඇත. 
 
මෙවර සත්කාරකත්වය දරන සිව් වතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇති  ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සංචිතයේ නායකත්වය හිමි ඇත්තේ මයිකල් ක්ලාර්ක් හටයි. 2011 ලෝක කුසලානයට ක්‍රීඩා නොකළ නවකයින් රැසක් මෙවර කණ්ඩායමට එක වී තිබේ. අනෙක් සත්කාරකත්වය දරන නවසිලන්ත කණ්ඩායම් සංචිතයේ නායකත්වය සුපිරි පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් හට හිමි වෙද්දී 2011 කණ්ඩායමේ නායකයා වූ ඩැනියෙල් විටෝරි පසුපෙළ පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කරයි. 1975 සහ 1979 වසර වලදී ලෝක කුසලානය ජයග්‍රහණය කල බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකත්වය කිසිවෙකුත් නොසිතු පරිදි 23 හැවිරිදි ජේසන් හෝල්ඩර් වෙත ලබා ඇත. එහෙත් වත්මන් නායක ඩෙරන් සාමි හා ක්‍රිස් ගේල් මෙවර සංචිතයේ කැපී පෙනන ලෙස නියෝජනය කරයි. ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තය මෙවර නව නායකයෙකු යටතේ ඉදිරිපත් වෙයි. ඒ ඉයෝන් මෝගන් යටතේය. 
 
1991 ලෝක ශුරතාවය දිනාගත් පකිස්තාන කණ්ඩායමේ නායකත්වයද සුපුරුදු පරිදි මිස්බා උල් හක් වෙත හිමි ඇත. මෙම තරඟාවලිය ඔහුගේ සහ සහිඩ් අෆ්රිඩිගේ අවසන් තරඟාවලියද වේ. මිට අමතරව පකිස්ථාන කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් හට පන්දු යැවීම මේ වන විට තහනම් කර ඇතත් ජනවාරි 24 වනදා ඔහුගේ අවසන් පරීක්ෂණයට මහුණ දීමට නියමිතය. ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්ත කණ්ඩායම ලෙස විචාරකයන් හඳුන්වන දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය සංචිතය ද නම් කර ඇත්තේ ඒ.බි ඩිවිලියස් හට නායකත්වය ලබා දෙමිනි. මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායමට ප්‍රබල නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුලත් කර ඇත. 
 
මෙලෙස ප්‍රධාන කණ්ඩායම් 8 සිය සංචිතයින් නම් කර අවසන් වී ඇති අතර ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩාකරන බංග්ලාදේශය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ස්කොට්ලන්තය,ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය තම කණ්ඩායම් ද සිය ලෝක කුසලාන සංචිතයන් නම් කර අවසන් කර ඇත. සිම්බාබ්වේ පිලේ පුහුණුකරු ලෙස1996 ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු වූ ඩේව් වට්මෝර් ක්‍රියා කිරීම ක්‍රීඩා විචාරකයින් පවසන්නේ සිම්බාබ්වේ පිල යම් පෙරලියක් සිදු කරනු ඇති බවය.
 
කෙසේවෙතත් ලබන පෙබරවාරි 14 වැනිදා නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරඟයෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹ වීම නියමිතව ඇත. අවසන් තරඟය මාර්තු 29 වනදා ඔස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැත්වේ. ලෝක කුසලානයේ සියලුම විස්තර සමගින් ඉදිරියේදී ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගනිමි. රැඳී සිටින්න www.lankadaily.com වෙබ් අඩවිය සමගින්.
 
මම මහේෂ් මදුසංක 

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us