පළමු ඉලක්කය 2015 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම - නවීන්

Published in ක්‍රීඩා
Friday, 23 January 2015 16:06
ක්‍රීඩා අමාත්‍යංශයට අදාළව අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ පිළිබඳ සෙවීමට කමිටුවක්‌ පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් නවීන් දිසානායක මහතා ඊයේ(22)පවසන ලදි.
 
ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයට රැස්‌ව සිටි අධික පිරිසක්‌ ඉදිරියේ කරුණු දැක්‌වූ නව ක්‍රීඩා අමාත්‍යවරයා, අහේතුකව කෙනෙකුට ඇඟිලි දිගුකිරීම තම ක්‍රමවේදය නොවන බවත්, විධිමත් විමර්ශනයක්‌ සිදුකර ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශයේ අක්‍රමිකතා සිදුව ඇතිද යන්න නිශ්චය කරගත යුතු බවත් පැවසීය. මෙහිදී ප්‍රකාශිත අදහස්‌ අනුව අදාළ කමිටුව තවත් සතියක කාලයක්‌ තුළ පත්කිරීමට නියමිත අතර එහි වාර්තාව මසක කාලයක්‌ තුළ භාරදිය යුතුවේ.
 
නවීන් දිසානායක මහතා සිය කතාවේදී ක්‍රීඩාවට අදාළව දැක්‌වූ කරුණු අතරේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි අදහස්‌ දැක්‌වීමක්‌ සිදුවූ අතර මෙම දින 100 ක කාලයේදී ක්‍රීඩාව විෂයෙහි සිය පළමු ඉලක්‌කය 2015 ක්‍රිකට්‌ ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය යෑයි ඔහු පවසන ලදී. තමන්ගේ පළමු, දෙවැනි මෙන්ම තෙවැනි ප්‍රමුඛත්වයද එය යෑයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
 
නිත්‍යානුකූල නිලවරණයකින් පත්ව සිටින වත්මන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ වෙනසක්‌ කිරීම සඳහා තමන්ගේ බලාපොරොත්තුවක්‌ නොමැති බව පැවසූ නව ක්‍රීඩා අමාත්‍යවරයා, අනෙක්‌ නිලයන්ගේ කටයුතු වලට ඇඟිලි නොගසා තමන්ට පැවරී ඇති කාර්යභාරය පමණක්‌ නිසියාකාරයෙන් සිදුකිරීමට වගබලාගන්නා ලෙසින් ක්‍රිකට්‌ පරිපාලනයේ කටයුතු කරන්නන්ගෙන් ඉල්ලීමක්‌ කරන බවත් පැවසීය. අදාළ නිලධාරීන් යම් හෙයකින් තමන්ගේ සීමාව ඉක්‌මවා කටයුතු කරන්නට යැමෙන්, සිය දෙවැනි පියවර වෙත යැමට (අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීමට) ඉඩ නොතබන ලෙසට දිසානායක මහතා අනතුරු හැඟවීය.
 
ක්‍රිකට්‌ සහ රග්බි වැනි ක්‍රීඩාවන්ට මෑත යුගයේ නොඅඩුව සම්පත් හිමිවූ බව පැවසූ අමාත්‍යවරයා තමන්ට ප්‍රමාණවත් කාලයක්‌ හිමිවුවහොත් මලල ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව සඳහාද විශේෂ අවධානයක්‌ යොමුකරන බව ප්‍රකාශ කළේය.
 
පුද්ගලික න්‍යායපත්‍රයක නොපිහිටා කටයුතු කිරීම සිය අභිලාශය බව පැවසූ නවීන් දිසානායක අමාත්‍යවරයා තමන් හැමවිටම කණ්‌ඩායමක්‌ ලෙස ක්‍රියා කිරීමට කැමැති අයෙක්‌ බවත්, කණ්‌ඩායම් ගොඩනැගීමේ හැකියාව තමන් සතු බවත් පවසා සිටියේය.
 
මගෙයි ඇමැතිතුමාගෙයි අදහස්‌ සමානයි
 
'මට බොහෝ ඇමැතිවරුත් එක්‌ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්‌ නෙමෙයි. ඒත් නවීන් ඇමැතිතුමාගෙයි මගෙයි සමාන අදහස්‌ තිබෙනවා. අපි දෙන්නගෙ පවුල් අතරත් සමානකම් තිබෙනවා. නවීන් ඇමැතිතුමාගේ තාත්තා (දිවංගත ගාමිණී දිසානායක මහතා) ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති ලෙසින් සිටිමින් ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තත්ත්වය ලබාදෙන්නට කටයුතු කළා වගේ මගේ සීයා (1956-72 සිලෝන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිව සිටි රොබට්‌ සේනානායක) ටෙස්‌ට්‌ තත්ත්වයට ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් රටකට ලැබෙන 'ඇසෝසියේට්‌ මෙම්බර්' තත්ත්වය ලබාදීමට කටයුතු කළා. ඔහු තරම් කාලයක්‌ ක්‍රිකට්‌ සභාපති තනතුරේ හිටපු තව කෙනෙක්‌ නැතිව ඇති' යෑයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ සිය පත්වීම භාරගනිමින් පැවසුවේය.
 
ක්‍රීඩා අමාත්‍යංශය තුළ සිදුවූ කටයුතු පිළිබඳව ඉතාම විනිවිදභාවයෙන් යුතුව රටට ඉදිරිපත් කරන බව පැවසූ ඒ මහතා දේශපාලන ඇඟිළි ගැසීම්වලින් තොරව සුදුස්‌සාට සුදුසුතැන හිටිමිර දෙන බවට සහතික විය.
 
'අපි සියලු දේවල් දන්න අය නෙමෙයි. අපේ වැරදි දැක්‌කොත් ඉදිරියට ඇවිත් ඒවත් පෙන්වා දෙන්න' යෑයි නව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක්‌ද කර සිටියේය.
 
navin1
navin2
navin3
Last modified on Friday, 23 January 2015 16:10

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us