ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයෙන් පාසල් දරුවන්ට චණ්ඩිපාට්

Published in ක්‍රීඩා
Thursday, 12 February 2015 11:47

ඊයේ (11) ජාතික ක්‍රීඩා ක්‍රීඩා ආයතනයේ පැවැති පාසල් වූෂූ තේරීම තරගාවලියක් සඳහා එම ආයතනයේ තිබු තාවුලු බිම් ඇතිරිලි ලබා නොදී ඒ අකුලා දැමිමට ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ නිළධාරීන් කටයුතු කර තිබේ.

චීනයේ බීජීං ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ පුහුණුවක් සඳහා මෙරට පාසල් වුෂූ ක්‍රීඩකයන් සඳහා ලබා දී තිබු අවස්ථාවට යොමු කිරීම සඳහා ක්‍රීඩකයන් ‍තෝරා ගැනීම පසුගියදා පාසල් වූෂූ සංගමය විසින් මෙම තේරීම් පරීක්ෂණය සූදානම් කරනු ලැබ තිබේ.

ඊයේ සවස 2- 6 ත් කාලය මේ සඳහා ජාතික ක්‍රීඩා ආයතනයට අදාල මුදල් ගෙවා එම ශාලාව වෙන් කර වාගෙන ඇත. මෙම පරීක්ෂණය සඳහා පාසල් ක්‍රීඩකයන් 91 දෙනෙකු සහභාගී වී ඇති අතර ඉන් 40 දෙනෙකු ‍තෝරා ගැනීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් මෙම පරීක්ෂණය සඳහා එම පාසල් දරුවන් අදාල ශාලාව වෙත පැමිණෙන විටත් එහි ජූඩෝ ක්‍රීඩකයන් පුහුණුවෙහි යේදී සිට ඇති අතර ඒ සඳහා අදාල වුෂූ තාවුලු ඇතිරිලි යොදා ගෙන තිබිණි. ඉන් පසුව පාසල් ක්‍රීඩකයන් එම ඇතිරිලි මත සිය කටයුතු ආරම්බ කිරීමට යාමේදී ජාතික වුෂූ සම්මේලනයේ රුචිර බෝධිනාගොඩ නැමැත්තා පැමිණ එම ඇතිරිලි තමන්ගේ බවත් පාසල් දරුවන්ගේ මෙම කටයුත්තට ඇතිරිලි ලබා දිය නොහැකි බවත් පවසා ගුවන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ ඒ ඉවත් කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා පාසල් බලධාරීන් සිය විරෝධය පළ කිරීමේදී පාසල් දරුවන් ඉදිරිපිටදීම බෝධිනාගොඩ මහත නොහොබිනා ආකාරයෙන් වචන හසුරුවා ඇති බවත් දැන ගැනීමට ඇත.


පසුව තාවුලු ක්‍රීඩාව සඳහා කිසිසේතම නොසුදුසු කැඩුණු ලෑලී වලින් සමන්විත එම පරිශ්‍රයේ අදාල පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

අදාල බිම ඇතිරිලි ජාතික වුෂූ සම්මේලනයට කොහෙන් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණක් විය හැකිය. එහෙත් ඒ පාවිච්චි කෙරෙන්නේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ නම් පොදු ආයතනයේ ක්‍රීඩා පුහුණු ශාලාවේය. එහි වුෂූ තාවුලූ පමණක් නොව වෙනත් සටන් ක්‍රීඩා සඳහාද එම ඇතිරිල්ල භාවිතා කරනු ලබයි.

ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අගනා අවස්ථාවක් කඩාකප්පල් කර ඒ පාසල් දරුවන්ට ලබා නොදෙන්නට තරම් මෙම ජාතික වුෂූ සම්මේලනයේ නිලධාරීන් තුච්ඡ ආකාරයෙන් ක්‍රියා කළද ශ්‍රී ලංකාවේ වුෂූ ක්‍රීඩාව තමන් විසින් දියුණු කර ඇති බවට බොරු ප්‍රලාප දෙඩීම සඳහා මෙම නිළධාරීන් යොදා ගන්නේද මෙම දරුවන් ජාත්‍යන්තරය ජය ගෙන ගෙන එනු ලබන සම්මාන පදක්කම්ය. එහෙත් ඉතිහාසය පුරා මේ වෙනුවෙන් මහන්සි වූයේ පාසල් වුෂූ සංගමය බව කිසිවකුගෙන් සැඟවිය හැකි රහසක් නොවේ.

ජාතික වුෂූ සම්මේලනය විසින් සිදු කරනු ලබන්නේ පාසලෙන් මතුවූ දක්ෂයන් කුළියට ගැනීමකි. ඔවුන් ලවා එම නිලධාරීන්ගේ බඩ ගොස්තරය පුරවා ගැනීමකි. විදේශයන්ගෙන් විශේෂයෙන්ම චිනයෙන් ලැබෙන ආධාර උපකාරයන් ගසා කෑමකි. මේ දක්ෂ දරුවන් දඩමීමා කරගෙන තමන්ගේ පවුල් පිටින් විදේශ සංචාරයන් යෑමය.

එසේ නොමැතිව මෙම ජාතික වුෂූ සම්මේලනය මෙරට වුෂූ ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් කළ කිසිවක් ඇත්තේ නැත. ඊට හොඳම උදාහරණය ඉහත කී සිදුවීමය.

රටක යම් ක්‍රීඩාවක් නැංවෙම සඳහා විදෙශයන්ගෙන් යම් ආධාරයක් අනුග්‍රහයක් ලැබේ නම් ඒ ලැබෙන්නේ ජාතික ක්‍රීඩා සංගමයටය. එහෙත් ඒ කිසිදු ආධාරයක් අනුග්‍රහයක් මෙම වුෂූ සම්මේලනය විසින් පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීම පිණිස ලබා දී නොමැත. ඉහත කී චීන පුහුණුව පවා මෙරට දරුවන් වෙනුවෙන් ලබා ගනු ලැබුවේ පාසල් ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ගේ මැදිහත් වීමෙනි.

ජාතික වුෂූ සම්මේලනය, මෙම කටයුත්තට එරෙහිව කටයුතු කරනුයේ එම පුහුණුව තම සංගමයට ලබා ගෙන එම දරුවන්ගෙන් මුදලක් ගැනීමට තිබු අවස්ථාව ඔවුන්ට අහිමි වීම නිසා විය හැකි බව එම සංගමයේ නිළධාරියකු හා මේ සම්බන්ධයෙන් කළ කතා බහකදී හෙලි විය. වරක් මෙරට පැවැති තරගාවලියකදී පාසල් දරුවන්ට ආහාර ලබාදීම සඳහා අනුග්‍රාහකයකු ඉදිරිපත්ව සිටියදීත් දරුවකුගෙන් රුපියල් 150 බැඟින් එකතුකර තම පෞද්ගලික බැංකු ගිනුමේ මුදල් තැන්පත් කර ගත් වුෂූ සම්මේලනයේ ප්‍රධානියකු ගැනද තොරතුරු හෙළිව තිබේ.

කෙසේ නමුත් වසර පහලොවකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලකා වුෂු සම්මේලනයේ නිළධාරීන් විසින් සිදු කරමින් පවතින්නේ ක්‍රීඩා ඇමැතිවරයාගේ පටන් රාජ්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශයේ ක්‍රීඩා අනුග්‍රාහකයින් රවටා ගනිමින් තමන්ගේ පැවැත්ම සකසා ගැනීම විනා වෙනකක් නොවේ.

මෙවැනි දූෂිත වංචාකාර නිළධාරීන් ‍රැසක්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වටා පිලිලයක් මෙන් වැඩී තිබේ. ඉන් ක්‍රීඩාව මුදවා ගැනීමට අලුත් ක්‍රීඩා ඇමැතිවරයාට ශක්තියක් කොන්දක් තිබේ දැයි තවමත් පෙනෙන්නට නැතිවීම කණගා‍ටුදායක තත්වයකි.

wushu-1

wushu-2

wushu-3

wushu-4

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us