නෙට්බෝල් නිලවරණය නීති විරෝධී බවට පැමිණිල්ලක්

Published in ක්‍රීඩා
Thursday, 07 May 2015 11:49

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය නීති විරෝධි බවට ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ. මෙවර නියෝජ්‍ය සභාපති තනතුරට පත් යෙස්මින් ධර්මරත්න මහත්මිය මෙයට පෙර හයවතාවක් ලේකම් තනතුරට හා එක්වතාවක් භාණ්ඩාගාරික තනතුරට පත්ව ඇති හෙයින් වසර හතරේ නීතිය අනුව මෙවර පත්වීම නීති වි‍රෝධී බවට ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ පැමිණිල්ලේ දැක්වේ.

ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල ප්‍රකාරව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, සහකාර ලේකම් හා සහාකර භාණ්ඩාගාරික යන තනතුරුවල වසර 4ක් සිටි අයට නැවැත එම තනතුරු දැරිය නොහැකිය යන්න සඳහන් වුවද නියෝජ්‍ය සභාපති පිළිබඳව සටහන්වී නොමැත.

මේ හේතුවෙන් නියෝජ්‍ය සභාපති තනතුරට ධර්මරත්න මහත්මිය පත්වුවද ප්‍රධාන තනතුරු වසර 4කට වඩා දරා තිබීම එම පත්වීම වලංගු නොවීමට හේතුවක් බව ලිපිය මගින් පෙන්වා දී තිබේ.

යෙස්මින් ධර්මරත්න මහත්මිය 1993, 1994, 2004, 2005, 2006 යන වසරවල ලේකම් තනතුරද 2011දී භාණ්ඩාගාරික තනතුරද දරා තිබේ.

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසුවේ ක්‍රීඩා රෙගුලාසිවල නියෝජ්‍ය සභාපති තනතුර වෙනුවෙන් ගතහැකි පියවර සඳහන් නොවන බවයි. එය ක්‍රීඩා රෙගුලාසි සැකසීමේදී සිදුවූ අඩුපාඩුවක් විය හැකියැයිද එම ප්‍රකාශකයා පැවැසීය.

නියෝජ්‍ය සභාපති තනතුරට පත්වූ යෙස්මින් ධර්මරත්න මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියද හිමිව තිබේ. එබැවින් එම පත්වීම නිත්‍යානුකූල නොවන බවට තර්කයක් මතු කිරීම ක්‍රීඩා රෙගුලාසි අනුව කළ හැකිද යන ගැටලුව මතුව ඇත. ධර්මරත්න මහත්මිය පවසන්නේ තම පත්වීම ක්‍රීඩා රෙගුලාසි අනුව සිදුවු එකක් බවය.

මේ අතර නෙට්බෝල් අතුරු කමිටුව තෝරාදුන් ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය පිළිනොගැනීමට අලුතින් පත්වූ සම්මේලන නිලධාරීන් තීරණය කොට ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අදහස විමසූ බවද අතුරු කමිටුවේ තෝරා ගැනීම නීත්‍යානුකූලව සිදු නොවු බවට අමාත්‍යාංශයේ මතයවූ බවද නෙට්බෝල් විධායක කමිටු සාමාජිකාවක් 'දිනමිණ'ට පැවැසුවාය.

නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස සොමිතා ද අල්විස් හා සහාය පුහුණුකාරිනිය ලෙස පී.ඩී.එන්.ප්‍රසාදී යන මහත්මීන් අතුරු කමිටුව තෝරා තිබුණි. එම තෝරා ගැනීමේ පරීක්ෂණය ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතාගේ හා ට්‍රික්සි නානායක්කාර, කස්තුරි විල්සන් යන මහත්මීන්ගේ මෙහෙයවීම මත සිදුවිය.

එම තෝරා ගැනීම සිදු කිරීමට අමාත්‍යාංශය නෙට්බෝල් අතුරු කමිටුවට බලය පවරා නොතිබීම හේතුවෙන් මේ තීරණයක් ගත් බව විධායක කමිටු සාමාජිකාව පැවැසීය. නෙට්බෝල් නිලධාරිනියන්ගේ හදිසි රැස්වීමක් ඊයේ පැවැති අතර එහිදී තීරණය වී ඇත්තේ ප්‍රසිද්ධ දැන්වීමකින් නැවැත පුහුණුකාරිනිය තෝරා ගැනීමේ පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමටය‍.

අතුරු කමිටුව පුහුණුකාරිනිය තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව ඉල්ලා සිටියද එයට ඉඩකඩ නොලැබුණු දීප්ති ද අල්විස් මහත්මිය එම තනතුරට පත්කිරීමටද යෝජනාවී ඇතැයි පැවැසේ. ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියට තවත් මාස 3ක් පමණ තිබියදී පුහුණුකාරිනිය තෝරා ගැනීමට ඇති කඹ ඇදිල්ල පිළිබඳ බොහෝ දෙනා විමතිය පළ කරති.

දිනමිණ ඇසුරෙණි

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us