තාත්තාට... බාප්පාට... පුතාට... ඔලිම්පික්‌ ඉල්ලමක්‌...!

Published in ක්‍රීඩා
Thursday, 21 May 2015 09:49

දෙදහස්‌ දහසය වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මුවාවෙන් ඔලිම්පික්‌ කමිටුවෙන් අයථා ලෙස මුදල් උපයාගෙන තිබෙන බවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්නට සහ ඔහුගේ පවුලේ උදවියට චෝදනා එල්ල වී තිබේ.

6-62016 ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ජගත් ඔලිම්පික්‌ කමිටුව විසින් නිලුක කරුණාරත්නට ලබාදී තිබෙන ශිෂ්‍යත්ව මුදල වියදම් කරන ලද ආකාරය පිළිබඳව එම කමිටුවට ඉදිරිපත් කරන ලද ලියකියවිලි කිහිපයක්‌ මාධ්‍ය අතට පත්වීමත් සමග මේ පිළිබඳව වූ කරුණු හෙළිදරව් වී තිබේ.

එම ලියවිල්ලට අනුව නිලුක, පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ පුහුණුව ලබන බවත්, පෙට්‌ හිග්මන් සහ ලුවී කරුණාරත්න එම පුහුණුකරුවන් දෙදෙනා බවත් මෙම තොරතුරුවල සඳහන් කර තිබේ. එහෙත් එම මුදල් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලියෑවිල්ලේ පුහුණුකරුට වන ගෙවීම් තම පියාගේ නම වන ලුවී කරුණාරත්න යන අයගේ නම පමණක්‌ යොදා ලබාගෙන තිබීමද කැපී පෙනෙයි.

අදාළ ලියවිල්ලට අනුව පුහුණුකරු සඳහා ශ්‍රී ලංකා මුදලින් රු. 40,000 ක මුදලක්‌ මාසිකව ඔලිම්පික්‌ කමිටුවෙන් ලබාගෙන තිබෙන අතර පියා යෑයි හඳුනාගත හොත් ගැටලුවක්‌ වේ යෑයි සිතා භාවිතා කරනු ලබන ලුවී කරුණාරත්න වෙනුවට ලුවී ෆ්‍රැන්ක්‌ යනුවෙන් යොදා එම මුදල ලබාගෙන තිබෙන බව සඳහන් වේ. ලුවී කරුණාරත්න යනුවෙන් ප්‍රසිද්ධ නිලුකගේ පියාගේ සම්පූර්ණ නම එදිරිමුණිගේ ලුයිස්‌ ෆ්‍රැන්ක්‌ පෙරේරා කරුණාරත්න වශයෙන් වන බව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් වේ.

ඊට අමතරව භෞත චිකිත්සකවරයකු යෑයි අර්න්ස්‌ලි පෙරේරා නම් අයෙකුගේ නමක්‌ යොදා රු. 30,000 ක මුදලක්‌ ලබාගෙන තිබෙන බව එම ලියවිල්ලේම දැක්‌වෙන අතර එවැනි නමක්‌ සහිත භෞත චිකිත්සකවරයකු පිළිබඳ එම ක්‍ෂේත්‍රයට සම්බන්ධ කිසිවකු නොදැන සිටීමද විමතිය දනවන්නකි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා 'දිවයින' විසින් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන් කරුණු විමසන ලදුව, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන්ම විමසූ නමුත් ඒ කිසිවෙකුත් අර්න්ස්‌ලි පෙරේරා නම් භෞත චිකිත්සකවරයකු සිටීදැයි යන්න තොරතුරක්‌ නොදන්නා බව තමාට පැවැසූ බවත් සඳහන් කර සිටියේය.

නමුත් අර්න්ස්‌ලි පෙරේරා යනු මොරටුව ප්‍රදේශයේ ක්‍රීඩා භාණ්‌ඩ අලෙවි සලක්‌ පවත්වාගෙන යනු ලබන නිලුකගේ සමීතම ඥාතියකු (බාප්පා කෙනෙකු) වන බව අනාවරණය කරගැනීමට හැකිවූ බව දිවයින පුවත්පත අනාවරණය කරයි. එමෙන්ම අදාළ මුදල් ලබා ගැනීම වෙනුවෙන් අර්න්ස්‌ලි පෙරේරා නම් අය අත්සන් තබා තිබෙන වවුචරයේද සඳහන්ව ඇත්තේ එම ක්‍රීඩා භාණ්‌ඩ අලෙවි සැලේ ලිපිනයම වන බවද සැලවේ. ඒ අනුව බලන විට මේ සියලු මුදල් වංචා සහගත අයුරින් ලබාගෙන තිබේද යන්න ගැටලුකාරී තත්ත්වයක්‌ මතු වනු ඇත.

එමෙන්ම නිලුකගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ක්‍රීඩා පිති සහ බැඩ්මින්ටන් මල් උවමනා තරමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයෙන් ලබාදෙන නමුත්, එම භාණ්‌ඩ සඳහාද ඔලිම්පික්‌ කමිටුවෙන් රු. 78,600 ක මුදලක්‌ ලබාගෙන තිබේ. ඒ අනුව නිලුක වෙනුවෙන් සෑම මසකදීම අවම වශයෙන් ඩොලර් 1600 කට අධික මුදලක්‌ ඔලිම්පික්‌ කමිටුවෙන් ලබාදී තිබෙන බව එම වාර්තාවල දැක්‌වේ.

6-4

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩකයකුට වියදම් කරන ලද වැඩිම මුදල නිලුක කරුණාරත්න වෙනුවෙන් වියදම් කර ඇතැයි සඳහන් වුවත් අවම වශයෙන් දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියකදී හෝ පදක්‌කමක්‌ ශ්‍රී ලංකාවට දිනා දීමට නිලුක කරුණාරත්න අපොහොසත්වී අැත.

දිවයින අැසුරින්

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us