ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය ශක්තිමත් බැවින් මෙරට ලබා ගෙන ඇති අධික පොලියකින් යුතු ණය යළි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අපේක්ෂා කළ ඩොලර් බිලියන හතරක ණය මුදලේ ඇප ඉවත් කිරීම ප්‍රතික්ෂේප වී ඇතැයි ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පාවෙන අවි ගබඩාව සම්බන්ධව 2015 ජනවාරි 18 දා සිට ඇති ව තිබූ ආන්දෝලනාත්මක අර්බුදය අවසන් කරමින් එකී මෙහෙයුම නිත්‍යානුකූලව සිදුවුවක් යෑයි රජය පිළිගෙන ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා නොකර අපට අනාගතයක් නැති බවත් කුමන දේ නැතිවුණත් තමන් මේ ව්‍යායාමය අත්නොහරින බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ සාමාජිකයන්ට පසුගිය රජයේ විදේශ අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව විභාගයක් කිරීමට විදේශ ඇමැත මංගල සමරවීර මහතාට නියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නිළධාරීන් ඖෂධ පනත වලක්වන්න කෝටි 100ක් අරගෙන - ජනාධිපති
ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400කින් රුපියල් කෝටි 100ක මුදලක් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදෙමින් "වයි-ෆයි කලාප" 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
තමන් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු 'හිරු ටී.වී' වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් 'සිරස ටී.වී' ආයතනය දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
අත්වැල්තොට විදුලි බලාගාරයට ගම්වාසීන් සමඟ ගැටුමක් නැහැ - ධම්මික රණතුංග
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභා සීමාවේ පවතින 'අත්වැල් තොට දිය ඇල්ල' හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට විරුද්ධවූ එම ගම්වාසීන්ට ධම්මික රණතුංග හා ඔහුගේ මැර කණ්ඩායකම් විසින් තර්ජනය කර ඇති බවට අප විසින් 'පරිසර අධිකාරිය, රණතුංගලාට අත්වැල්තොට ඇල්ල වසා දමන්න අවසර දෙයි' සිරස්තලය යටතේ පළ කළ පුවත අසත්‍ය බව ධම්මික රණතුංග මහතා අප වෙත ලිපියක් යොමු කරමින් පවසයි.