මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදුව ඇත.
ප්‍රචණ්ඩක්‍රියා මඩින්න වැඩපිළිවෙළක්-පොලිසියේ ක්‍රියාමාර්ග ගැන සෑහීමක් නෑ
ජනාධිපතිවරණ සමයේ ඇති විය හැකි ප්‍රචණ්ඩක්‍රියා මර්ධනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.
වසරකට අලුතෙන් පිළිකා රෝගීන් තිස්දහසක් පමණ හඳුනාගන්නා බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පැවසුවේය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී 'පරවියා' ඡන්ද සලකුණ යටතේ බොහෝ දුරට තරග කරනු ඇතැයි විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
බාධා කිරීම් සීමා කරන්න-ජගත් සංවිධානය බොදුබල සේනාවට දෙහි කපයි
බොදුබල සේනා සංවිධානය ලංකාව තුළ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් විවිධ බාධා කිරීම් සිදු කර අැති බව ජගත් සංවිධානය පවසයි. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් සම්බන්ධ විශේෂ නියෝජිත රීටා ඉසැක් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජිනීවාහී ඊයේ රැස්වූ නිරීක්ෂණ රාජ්‍යයන්හී හත්වන සැසිවාරයේදීය.