නාගරික සංවර්ධන අධිකාරියෙන් ජනාධිපතිවරණ ප්‍රචාරණය සඳහා මිලියන ගණනක මුදලකින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සැළසුම් කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස්‌ දෙපාර්තමේන්තුව මුළුමනින්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටීම නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

ජනාධිපතිවරණය අවසන් වන තෙක්‌ රාජ්‍ය ආයතනයන්හි කිසිදු ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්‌වීම් සිදු කිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විශේෂ චක්‍රලේඛයකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවූ ආකාරයේ මැදිහත්වීමක් දැක්වීමට මැතිවරණ නිරීක්ෂකයින් සූදානම් වේ. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලේඛණගත කිරීම හෝ වාර්තා කිරීම වැනි තත්ත්වයන්ගෙන් ඉදිරියට ගොස් එම තත්ත්වයන්ට එරෙහිව  නඩු පැවරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය තීරණය කර ඇත. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.

2014 දෙසැම්බර් මාසයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ දෙසැම්බර් මස විභාග දින දර්ශනයට අනුව දෙසැම්බර් 20 සහ 21 දෙදින ශ‍්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත)තරග විභාගය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කල්මු‍ණේ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ld add copy

Connet With Us