''ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය යෙදී තිබෙන ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා හැටියට මම කිසිදු පක්ෂයකට අයත් කෙනෙකු ලෙස නොව සෑම දෙනාටම ‍පොදු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. හැමෝටම ‍පොදු ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ගැන අද මම මේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට සිට සපථ කර ජනතාවට කියනවා'' යැයි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ‍ලේකම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබලයෙකු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර අැත.

 අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනෙකු එහි ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත.


ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිමල් කුමාර නිශ්ෂංක නමැති පුද්ගලයෙකු හදිසියේ පත් කර එවා ඇති බව අනාවරණය වේ. මොහු ප්‍රවෘත්ති පිළිබඳ නිල නොලත් බලධාරියා ලෙස කටයුතු කරන බව වැඩිදුරටත් අනාවරණය වේ.

වීරකැටිය හෙණදෙණිය පලුගස්යාය පාර වසර ගනනාවක් තිස්සේ අබලන්ව පැවැති අතර ඒ පිළිසකර කරදෙන මෙන් එම ප්‍රදේශවාසීන් අදාල වගකිව යුත්තන්ට දැනු දී තිබිණි. 

තමන් සහයදෙන කණ්ඩායම බලය ගත් වහාම රාජපක්ෂවරුන්ගේ ෆයිල් හෙළිදරව් කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 

ජවිපෙ කිසිදු අපේක්ෂකයෙක් ගැන චරිත සහතික නොදෙන බවත්  එසේ කිරීම නිසා තම පක්ෂය පාඩම් ඉගෙන ඇතැයි අද (25) එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ  හෝටල් සේවක මධ්‍යස්ථානයේ දෙවන නි‍‍යෝජිත සමුළුව අමතමිනි.

කොළඹ මහ නගර සභාවේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් වහා ලබාදෙන ලෙස සමස්ත ලංකා පළාත් පාලන පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

 

ld add copy

Connet With Us