විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කමකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ (24) යළිත් දිවයිනට පැමිණියා .

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

 

ld add copy

Connet With Us