නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්න ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ බලකා පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණට යොදවා තිබේ.

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කොළඹ නගරයේ ඉදිකළ 'ITC Ratnadipa Colombo' අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කමකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ld add copy

Connet With Us