හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද  පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.

පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා එතරම් සාර්ථක නොවුණද ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි.

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් බව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කරයි.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.

ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද?

 

ld add copy

Connet With Us